Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලෝකයේ මිල අධිකම සුඛෝපභෝගී වාහනයක් ඩඩ්ලි සිරිසේන මිලට ගනී. | ලෝකයටම වාහන 25යි

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගත් නවතම මෝටර් මෝටර් රථය රේගු නිශ්කාශන කටයුතු අවසන් කර නිවසට රැගෙන ගොස් තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ දැනට ඇති මිල අධිකම, අධි සුඛෝපභෝගී මෝටර් රථය බව වාර්තා වෙයි.

මෙම මෝටර් රථය රොල්ස් රොයිස් සමාගමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදන කළ Rolls-Royce Phantom 8 Series 2 EWB නම් මාදිලියක් වන අතර එයින් ලෝකයටම ඇත්තේ මෝටර් රථ 25ක් පමණක් බව ද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

මෙම වාහනය මිලට ගැනීම වෙනුවෙන් දායකත්වය දුන් ජනතාවටත්, පොළොන්නරුවටත්, රටටත් එය ආඩම්බරයක් බව ද ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

Related posts

Indian Policeman lynched in Kashmir

Mohamed Dilsad

හෙට දිවයින පුරා සුරාසැල් වසා තැබීමට නියෝග

Mohamed Dilsad

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන අධිකරණය දුන් නියෝග මෙන්න.⁣

Editor O

Leave a Comment