Trending Newsඑසැන පුවත්දේශීය

ගුරුවරු 23,000 ක් බඳවා ගැනීමේ තීරණයක්

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

මේ යටතේ ගුරු වෘත්තිය සඳහා අලුතින් 23,344ක් බඳවා ගැනීමට අවසර හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Related posts

Sarath Ilangasinghe takes oath as North-Central Provincial Councillor

Mohamed Dilsad

President averse to summoning Intelligence Officers before PSC

Mohamed Dilsad

Grenfell Tower campaigners in ‘Three Billboards’ stunt

Mohamed Dilsad

Leave a Comment