දේශීය

ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්තා – හතරක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ දෙකක ඉන්ධන පිරවුම්හල්වල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (22) රාත්‍රී කාලයේ දී මීගහතැන්න පොලිස් වසමේ, පැලවත්ත ඉන්ධනහල අසල දී එම රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ගේ හා යුද හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කරමින් හා මහජන සාමය කඩවන අයුරින් බීමත්ව කලහකාරීව හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 38 හා 40 යන වයස්වල පසුවන පහළහෙවෙස්ස හා පැලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර නිකවැරටිය පොලිස් වසමේ, මාගල්ලේගම ප්‍රදේශයේ ද ඉන්ධන පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරෙමින් එහි සේවකයින්ව සාපරාධී බියගැන්වීම යටතේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 45 හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් පිරිස අද මතුගම හා නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment