දේශීයප්‍රමුඛ පුවත 1

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

(UTV |කොළඹ) – කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත යවා තිබේ.

මේ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (03)  නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසිනි.

එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Related posts

නව කාලපාදක ගාස්තු ක්‍රමය යටතේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් නැහැ

Mohamed Dilsad

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

Editor O

තිරිඟු පිටි බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment