දේශීයප්‍රමුඛ පුවත 2

154 වන පොලිස් දිනය අදයි

(UTV| කොළඹ) – 154 වන පොලිස් දිනය අද (03) සමරනු ලබයි.

1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ විධිවිධාන අනුව 1866 අද වැනි දිනෙක ව්‍යවස්ථාපිතව සහ සංවිධානාත්මකව මෙරට පොලිස් සේවයේ ආරම්භය සිදුවුණා.

ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මෙරට ප්‍රථම පොලිස්පතිවරයායි.

ප්‍රථම ශ්‍රී ලාංකේය පොලිස්පතිවරයා ලෙස සටහන් වන්නේ 1947 ජනවාරි 06 වැනිදා පොලිස්පති ධුරයට පත් ශ්‍රීමත් රිචඞ් අළුවිහාරේයි.

ධම්මො භවේ රක්ඛති ධම්මචාරී යන බුදු වදන ශ්‍රී ලංකා පොලිසියේ ආදර්ශ පාඨයයි.

මේ අතර, අදට යෙදී ඇති පොලිස් දිනය නිමිත්තෙන් කෝට්ටේ රජමහා විහාරයේදී සහ කොළඹ – හුණුපිටිය ශ්‍රී ගංඟාරාම විහාරයේදි විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ට විදෙස්ගතවීමට අවසර

Mohamed Dilsad

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

Mohamed Dilsad

Leave a Comment