ව්‍යාපාරික

ශ‍්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි ආධානය

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයාබලන බව එරට මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ දැඩි  ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය Park Young-bum මහතා පවසයි.

මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදාකරදී තිබෙන අතර ඒ පිළිබඳ එරට රජය වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඉදිරියේදී කෘෂි ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයා බලන ලෙසද සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

දැනට ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 6000 ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී ලාංකිකයින් 26,000 ක් පමණ එහි සේවයේ නිරතව සිටිති.

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක පසුගියදා සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රීා ලාංකික තරුණයෙකු තම ජීවිතය පරදුවට තබමින් කොරියානු කාන්තාවකගේ දිවි ගලවා ගැනීමේ සිදුවීම ද මෙහිදී සිහිපත් කළ සභාපතිවරයා ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ දක්ෂතා සහ හැකියාවන් පිළිබඳ දකුණු කොරියාවේ ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම ජනතාව ද දැඩි ප‍්‍රසාදයකින් සහ විශ්වාසයකින් කටයුතු කරන බව සඳහන් කළේය.

ඇමතිණි තලතා අතුකෝරළ, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Won-Sam Chang යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ලබන වසරේ සිට ආනයනය කරන ඇඳුම් සඳහා බද්දක්

Mohamed Dilsad

ඉවත දමන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමට යයි

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

Leave a Comment