Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

හිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

(UTV | කොළඹ) –

2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් සහ පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටිය ද ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බවයි.

මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය පැමිණෙන හැටි – අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

அபித்ஜானில் மழை வெள்ளத்துக்கு 18 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment