ව්‍යාපාරික

රැකියා වෙළෙඳපොළ හෙට මහනුවරදී

(උදයම්,මහනුවර)  – වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේ දේශීය සහ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් රැකියා ලබාදීමේ අරමුණින් මෙහෙයවන තුන්වැනි රැකියා වෙළෙඳපොළ මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව හෙට (10) දින පෙ.ව. 9.00 ට මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාවේදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැකියා පොළේ සමාරම්භක අවස්ථාව පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල පවතින පුරප්පාඩු සඳහා පුහුණු නුපුහුණු අංශ දෙක යටතේම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

පාසල් හැර ගොස් සිටින සහ සුදුසු රැකියා අපේක්ෂාවෙන් පසුවන සියලු රැකියා විරහිත තරුණ තරුණියන්ටම මෙම අවස්ථාව සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර අමාත්‍යංශය මඟින් ඇරයුම් කර සිටී.

Related posts

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

ඩොලරය නැවතත් ඉහළට

Mohamed Dilsad

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

Mohamed Dilsad

Leave a Comment