ප්‍රමුඛ පුවත 1

හිටපු ගුවන් සේවා ඇමතිට සහ ඔහුගේ ලේකම්ට නඩු

(උදයම්,කොළඹ)  – හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතාට සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි.

අද(9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ.

එසේ අල්ලස් කොමිසම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ නඩු පවරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවා අල්ලස නමැති වරද කළැයි යන චෝදනාව යටතේය.

Related posts

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

Mohamed Dilsad

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

Mohamed Dilsad

Leave a Comment