ප්‍රමුඛ පුවත 1

අද සිට රියදුරු බලපත්‍ර ලබාදීමට ලිඛිත විභාගය පරිඝනක ආශ්‍රයෙන්

(UTV| කොළඹ)  – රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ක්‍රියාත්මක වේ.

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදී මෙය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.ඒ සඳහා පරිඝනක යන්ත්‍ර 143 ක් සවිකර තිබේ.

මෙය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට නියමිතය.

පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් වනවිට  අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වේ.

මෙම ක්‍රමවේදය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයෙන් රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරික්ෂණයට වේලාව වෙන් කිරීමට අවස්ථාව.

Mohamed Dilsad

Leave a Comment