ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුහද හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුහද හමුවක් අද (15) ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවැත්වණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය.

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසින් ජනාධිපතිතුමා ඇතුළු පැමිණ සිටි පිරිස පිළිගත් අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද අදහස් දැක්වීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් රජය තුළ සිටිමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට ප‍්‍රමුඛ වගකීමක් ඉටුකරමින් සිටින බවයි.

වැඩකරන ජනතාවට අහිමිව තිබූ වරප‍්‍රසාද රැසක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් දිනාදීමට හැකිවූ බව පැවසූ අමාත්‍යවරයා අද රජය තුළ සිටිමින් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රට සහ ජනතාව වෙනුවෙන් කිසිදා ඉටුනොවූ පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, භාණ්ඩාගාරික එස්.බී. දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ රාජ්‍ය ආයතන තුළ වංචාව සහ දූෂණය තුරන් කිරීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ ප‍්‍රසංශනීය බවයි.

දූෂණයෙන්, වංචාවෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රාජ්‍ය ආයතන ව්‍යුහයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා එතුමාගේ කැපවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති සංවිධානවල ආශිර්වාදය හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

ජනපති ආරක්ෂකයින් පොලිස් කොට්ඨාස වෙත

Mohamed Dilsad

ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා

Mohamed Dilsad

Leave a Comment