ප්‍රමුඛ පුවත 1

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ)  – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ අවට මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබේ.

ඒ අනුව අනිද්දා පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කටුනායක , කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන් පාලම, බොරැල්ල හරහා කනත්ත වටරවුම දක්වාත්, බොරැල්ල ඞී.එස්.සේනානායක හන්දියේ සිට ගාලූ පාර දක්වාත් මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට ගමන් ගන්නා මගීන් ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන නියමිත කාලයට පෙර එදින ගුවන් තොටුපලට පැමිණෙන ලෙසද පොලිසිය දැනුම් දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහල් මිල ගැන යළිත් සොයයි

Mohamed Dilsad

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

Leave a Comment