ප්‍රමුඛ පුවත 1

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

(UTV| කොළඹ) – උතුරේ ආරක්ෂක තත්ත්වය සාමකාමී බවත් උතුරේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් බොහොමයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.

උතුරේ පවතින වත්මන් තත්ත්වය සහ ”ආවා” නමැති කල්ලිය සම්බන්ධයෙන් පවතින ප්‍රචාර පිළිබඳ පැහැදිළි කරමින් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේ දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව
පැවසී ය.

උතුර සාමකමියි. උතුරේ වසරකුත් මාස කීපයක් සේවය කරනවා. යුද සමයෙත් උතුරේ රාජකාරි කළා. උතුරු පළාත් ලංකාවේ අනෙකුත් පළාත් සමඟ සැසදීමේ දී ඉතාමත් සාමකමී තත්ත්වයකයි තිබෙන්නේ.ප්‍රශ්නය වී

තිබෙන්නේ ආවා නැමැති කල්ලියයි. මේ වනවිටත් නොයෙක් ස්ථානවල සිදුවීම් වෙනවා.මිනීමැරුම් කිසිවක් ආවා කල්ලියෙන් සිදු වී නෑ.මේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් බොහොමයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරේ පොලිස් ස්ථාන 53 තිබෙනවා. මේ ක්‍රියවන් සිදුවන්නේ පොලිස් වසම් 4ක පමණයි. ”ආවා”  කල්ලියට සම්බන්ධ  තරුණයන් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට ආවා කල්ලිය කණ්ඩායම් කීපයකට බෙදිලා, ඒ කණ්ඩායම් අතර  ගැටුම් සිදු වෙනවා. සමහර කණ්ඩායම් කල්ලිය හැර ගොස් තිබෙනවා. ඒ ප්‍රශ්නවලට පහරදීම් කරනවා.

පොලීසිය අවශ්‍ය රාජකාරි කරනවා. සීමාවෙන් පිට යන්න අපි කැමැති නෑ. රටේ නීති රාමුව ඇතුළේ සිට මේ රාජකාරි කරන්නේ.උතුරේ ආරක්ෂක තත්ත්වය සාමකාමියි.මුළු උතුරු පළාතටම මේ වසරේ මිනී මරුම් දෙකයි
තිබෙන්නේ.එහි සැකකරුවන් අත් අඩංගුවට ගෙන කටයුතු කර තිබෙනවා යැයි ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කල වෙළඳුන්ට නීතිමය පියවර

Mohamed Dilsad

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

Leave a Comment