දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් උපහාර

(UTV |කොළඹ ) –  කොරෝනා වෛරසය වෙනුවෙන් කැප වන සියලු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපහාර පුද කරයි.

විශේෂයෙන් කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට සිය ජීවිත අවදානම පවා නොසලකා දිවා රාත්‍රී නොබලා මෙම අවස්ථාවේ කටයුතු කරන අයට මෙම උපහාර පිදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.

මේ අවස්ථාවේ දී සමස්ත රටවැසියන් තුළ ධෛර්ය වඩවාලමින් සහ ලෝකයටම ආදර්ශයක් දෙමින් වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියලුම ආරක්ෂක අංශ, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට අයත් සියලු නිලධාරීහු, මාධ්‍යවේදීහු සහ තවත් සේවා රැසක පිරිස් ඓතිහාසික කාර්ය භාරයක නිරතව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඔවුන් සියලු දෙනාට ජනතාවගේත්, රටේත් ගෞරවය හිමිවන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

සරත් වීරසේකරට කැබිනට් අමාත්‍යධූරයක්

Mohamed Dilsad

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරී

Mohamed Dilsad

Leave a Comment