ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කළුතර)   –  ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු  අත්අඩංගුවට ගැනේ.

ඊයේ මතුගම පොලීසිය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී මතුගම නගරයේ තානායමකින් මත්පැන් ලබාගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු පිලිබඳ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 ක් සොයාගත් බව පොලීසිය පවසයි.
එම ව්‍යාජ මුදල් නෝට්ටු පිලිබඳ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එම ව්‍යාජ මුදල් ඔහුට ලබාදුන් පුද්ගලයින් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ අනුව රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 127ක් සමග එම සැකකරුවන් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අද(29)  මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ජනතාවගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

Mohamed Dilsad

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment