ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව

(උදයම්,කොළඹ)   –  පසුගිය 26 වැනිදා මධ්‍යම රාත්‍රී ආරම්භ කල වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

ඒ  තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා අබ්දුල් හලිම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලට එකඟවිය නොහැකි නිසා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර තිබෙන අග්‍රාමාත්‍ය ලේම්වරයා ප්‍රමුඛ කමිටුව පිළිගත හැකි ස්ථිර විසඳුමක් ලබා දෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට සූදානම් බවද එම සංගමය කියයි.

තැපැල් අමාත්‍යවරයා සාකච්ඡාවේදී පැවැසූ පරිදි අමාත්‍යවරයාගේ ස්ථාවරය ඓතිහාසික වටිනාකමින් යුත් පැරැණි තැපැල් ගොඩනැඟිලි ආදායමක් උපයාගත හැකි ස්ථාන බවට පත් කිරීමට නම් ලෝක උරුම ගොඩනැඟිලි වශයෙන් නම් කර ඇති එම ස්ථාන පිළිබඳ යුනෙස්කෝ වැනි සංවිධානවලින් නිසි අවසරයක් ලබාගත යුතු යැයිද එම පෙරමුණ පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලි විකිණීමකින් තොරව ඒවා හරහා රටට ආදායමක් ලබාගත හැකි වෙනත් විකල්ප ක්‍රමවේද ඕනෑ තරම් තිබෙන බවද එම පෙරමුණ වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

Mohamed Dilsad

කථානායකවරයා දේශාභිමානී ගෞරව සම්මානයකින් පිදුම් ලබයි.

Mohamed Dilsad

අගවිනිසුරු නලින් පෙරේරා විශ්‍රාම යයි …

Mohamed Dilsad

Leave a Comment