Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරියෙක් වාහනයකට යටවී මරුට

අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ කාර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේදී කාර් රථය නිළධාරින් හප්පා පළාගොස් ඇත. අද (01) අලුයම සිද්ධිය වී ඇත.

අනතුරින් පොලිස් කොස්තාපල් වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල් වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ සුරියවැව ප්‍රදේශයේ පදිංචි අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් කොස්තාපල් වරයෙකි.

අනතුර සිදුකල කාර්‌ රථය හා එහි ගමන්ගත් පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාර් රථයේ රියදුරු පලාගොස් ඇත. අම්බලන්තොට පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Related posts

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

Mohamed Dilsad

හම්බන්තොට ඉහළ අහසට පෙණුනු චීනය [PHOTOS]

Mohamed Dilsad

இலங்கை வரலாற்றில் பாராளுமன்ற அமர்வுகளை அதிகளவில் ஒத்திவைத்த ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment