දේශීය

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

(UTV | කොළඹ) – තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලටද ඊයේ දිනයේ දැඩි බාධා එල්ල වී තිබුණි.

මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.

Related posts

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මස

Editor O

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

Mohamed Dilsad

Leave a Comment