Trending Newsඑසැන පුවත්දේශීය

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න සහාය ඉල්ලා, මාලිමාවෙන් ලක්‍ෂ 80ක් දෙන්න ආවා..- ස්වාධීන මන්ත‍්‍රී මාධ්‍ය හමුවක

ජාතික ජන බලවේගය විසින් රුපියල් ලක්‍ෂ අසූවක් මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වෙයි. ස්වාධීන කණ්ඩායම් වලින් තරග කර ජය ගත් කසුන් මුණසිංහ මතුගමදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මාලිමා ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් තම නිවසට පැමිණ සහයෝගය ඉල්ලා සිටි බවය.

කොට්ඨාශය වශයෙන් මුදල් ලබාදීමටත් දේශපාලනික වශයෙන් තනතුරු ලබාදීමටත් එහිදී යෝජනා වූ බවත් හෙතෙම පැවසුවේය. කොට්ඨාශයකට ලක්ෂ 80 බැගින් යෝජනාව වූ බවත්, පළාත් සභාව සඳහා තරග වැදීමට අපේක්ෂකත්වය ලබා දීමට යෝජනා වූ බවත් අවසානයේ මුදල් ප්‍රමාණය තවත් වැඩි කර යෝජනා වී ඇති බවත් හෙතෙම කියා සිටී.

ඒ සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡාවක් කොළඹදීද පැවැත්වූ බවද ඔහු පැවසුවේය.නමුත් මුදලට යට වීමට අවශ්‍යතාවයක් නැති බවත් එසේ අවශ්‍යතාවයක් ඇත්තේ නම් ඊට පෙර එම තීරණය ගන්නා බවද සිය සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කල බවත් ඔහු කියා සිටියේය.

මේ අතර මතුගම ප්‍රාදේශීය සභාවෙන් නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමෙන් තරග කර ජයගත් කසුන් මුණසිංහ මහතා නම් කිරීමටද සූදානමක් ඇති බව වාර්තා වෙයි.

Related posts

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

Prevailing showery condition to enhance – Met. Department

Mohamed Dilsad

வடக்கு கிழக்கு மாகாணங்களில் இன்று நிர்வாக முடக்கல் போராட்டம்

Mohamed Dilsad

Leave a Comment