Trending Newsඑසැන පුවත්දේශීය

ජොන්ස්ටන්ගේ නඩුවට දින නියම කරයි

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මූල්‍ය ප්‍රධානී විසින් සාක්ෂි ලබා දෙන ලදී. සාක්ෂිකාරිය කියා සිටියේ, සතොස හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බවය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

Related posts

Finland notes steps taken by Sri Lanka to strengthen democratic institutions

Mohamed Dilsad

Badminton: Three cornered tussle for SLBA President’s post

Mohamed Dilsad

හිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

Editor O

Leave a Comment