Trending Newsඑසැන පුවත්දේශීය

ඩේසි ෆොරස්ට්ගේ සහ යෝෂිතගේ නඩුව ගැන අධිකරණය දුන් නියෝග මෙන්න

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. 

නඩුව අද (30) මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා එම ලේඛන තමන්ට අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයාට දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

Related posts

30 பாடசாலைகள் மத்தியில் மகளிர் கிரிக்கெட் போட்டி

Mohamed Dilsad

மட்டக்குளியில் நபரொருவர் சுட்டுக் கொலை

Mohamed Dilsad

The Designer Wedding Show 2017 at Shangri-La Hotel, Colombo on 28 November, 2017 – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment