ව්‍යාපාරික

මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කෙරේ

UTV | COLOMBO – 2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද දින (27) පෙ.ව 9.00 යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම සම්මන්ත්‍රණයේදී රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර අවභාවිතය වැළැක්වීම සඳහාත්, කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය හැකි තරම් පාලනය කිරීම මඟින් පසට සිදු වන හානිය වළක්වා ගැනීමත් මෙහිදී අවධාරණය කෙරේ.

මෙම සම්මන්ත්‍රණය දෙමල මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම වතාවට වන අතර ඊට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ.

Related posts

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

Mohamed Dilsad

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

Mohamed Dilsad

ගංවතුරට හසූ වූ සහල් වෙළඳපොළට එවීමේ කූට ජාවාරමක් ගැන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

Editor O

Leave a Comment