ව්‍යාපාරික

මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කෙරේ

UTV | COLOMBO – 2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද දින (27) පෙ.ව 9.00 යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම සම්මන්ත්‍රණයේදී රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර අවභාවිතය වැළැක්වීම සඳහාත්, කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය හැකි තරම් පාලනය කිරීම මඟින් පසට සිදු වන හානිය වළක්වා ගැනීමත් මෙහිදී අවධාරණය කෙරේ.

මෙම සම්මන්ත්‍රණය දෙමල මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම වතාවට වන අතර ඊට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ.

Related posts

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

Editor O

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Editor O

ඩොලරය රු. 310 දක්වා ඉහළට

Editor O

Leave a Comment