විදෙස්

සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපති එමසන් නැන්ගග්වා පත් කිරීමට සුදානම්

(UTV|කොළඹ) –  සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් එම අවස්ථාව සැමරූ බව වාර්තාවේ.

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම හමුවේ පාර්ලිමේන්තු සාමාජිකයින්ද එය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුගාබේ එරට පාර්ලිමේන්තුවට එවනු ලැබූ ලිපියක් කථානායකවරයා විසින් කියවනු ලැබූ අතර එහි සඳහන් වුයේ, අර්බුධයකින් තොරව බලය පවරාදීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බව ය.

මේ නිසා රොබට් මුගාබේට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉවත් කරගෙන තිබේ.

 

මේ වනවිට වයස 93 හැවිරිදි රොබට් මුගාබේ ධූරයෙන් ඉවත්වන තෙක් සැලකුනේ ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙසයි.ඔහු වසර 37ක කාලයක් ජනාධිපති ධූර දැරීය.

තමාගෙන් පසුව බිරිඳ ග්‍රේස් මුගාබේ ජනාධිපති ධූරයට පත් කිරීමේ අරමුණ ඇති ව සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ එරට උපජනාධිපති එමර්සන් නන්ගග්වා ධූරයෙන් ඉවත් කළේ මේ මස මුල් භාගයේදී ය.

ඉන් කුපිත වූ සිම්බාබ්වේ හමුදා නායකත්වය ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට ගනු ලැබුවේ ය.

පසුගිය සතියේ හමුදා කුමන්ත්‍රණයට ලක් ව ජනතා විරෝධතා එල්ල වුවත් මීට පෙර ඔහු ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළේ ය.

Related posts

අල් ජසීරා විශේෂාංගයේ විමර්ශන අතහැර දමයි

Mohamed Dilsad

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

Mohamed Dilsad

Leave a Comment