විදෙස්

සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපති එමසන් නැන්ගග්වා පත් කිරීමට සුදානම්

(UTV|කොළඹ) –  සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් එම අවස්ථාව සැමරූ බව වාර්තාවේ.

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම හමුවේ පාර්ලිමේන්තු සාමාජිකයින්ද එය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුගාබේ එරට පාර්ලිමේන්තුවට එවනු ලැබූ ලිපියක් කථානායකවරයා විසින් කියවනු ලැබූ අතර එහි සඳහන් වුයේ, අර්බුධයකින් තොරව බලය පවරාදීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බව ය.

මේ නිසා රොබට් මුගාබේට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉවත් කරගෙන තිබේ.

 

මේ වනවිට වයස 93 හැවිරිදි රොබට් මුගාබේ ධූරයෙන් ඉවත්වන තෙක් සැලකුනේ ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙසයි.ඔහු වසර 37ක කාලයක් ජනාධිපති ධූර දැරීය.

තමාගෙන් පසුව බිරිඳ ග්‍රේස් මුගාබේ ජනාධිපති ධූරයට පත් කිරීමේ අරමුණ ඇති ව සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ එරට උපජනාධිපති එමර්සන් නන්ගග්වා ධූරයෙන් ඉවත් කළේ මේ මස මුල් භාගයේදී ය.

ඉන් කුපිත වූ සිම්බාබ්වේ හමුදා නායකත්වය ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට ගනු ලැබුවේ ය.

පසුගිය සතියේ හමුදා කුමන්ත්‍රණයට ලක් ව ජනතා විරෝධතා එල්ල වුවත් මීට පෙර ඔහු ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළේ ය.

Related posts

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

Editor O

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Editor O

Leave a Comment