Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය නිලධාරීයෙක්ට පහරදුන්, මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනාවක් මත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඉලංකුමාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ..

යාපනය පරන්තන් විද්‍යාලයේ ආපදා සහන සේවයේ නිරතව සිටි ග්‍රාම නිලධාරියෙකුට පහර දුන්නේ යැයි චෝදනා ඔහුට එල්ල වී ඇත.

ග්‍රාම නිලධාරියා පොලීසිය ට කළ පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදාහැර ඇත.

අවතැන් වූ පුද්ගලයන් සඳහා බෙදා හැරීමට ගෙනා ආහාර සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත මෙම පහරදීම සිදුව ඇති බවද වාර්තා වෙයි.

Related posts

අද මොරටුවත් උණුසුම් වෙයි

Mohamed Dilsad

மஸ்கெலியா பிரதேச சபையில் பதற்ற நிலை

Mohamed Dilsad

‘சண்டக்கோழி-2’ படம் ஏப்ரல் 14 ரிலீஸ்

Mohamed Dilsad

Leave a Comment