Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරෙන්, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති වරදකරුවෙක්…! (දැනට සිදු කළ විමර්ශන අනුව)

හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්යය අශෝක රන්වල මහතා අතින් වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේ සිට පවර් හවුස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය යතුරු පැදියක හා කාර් රථයක ගැටී 2025.12.11 දින අනතුරක් සිදු විය.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව පොලිස්පතිතුමාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විර්මශනයක් සිදු කරන ලදි.

එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත. 

ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

Related posts

இலங்கையில் ஐஸ் மழை………. வீடியோ இணைப்பு

Mohamed Dilsad

වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Trump travels to Bethlehem for talks with Palestinian president

Mohamed Dilsad

Leave a Comment