Trending Newsඑසැන පුවත්දේශීය

ගෙලිඔය ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට රිෂාඩ් බදියුදීන්ගෙන්, අත්‍යාවශ්‍ය උපකරණ

මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් වැලිගල්ල පොත්ගුල් විහාරස්ථානයේදී, සිදු කෙරිණි.

වැලිගල්ල පොත්ගුල් විහාරස්ථානයේ විහාරාධිපති උඩපළාත ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අඹගමුව සෝරත නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි ⁣මෙම උපකරණ බෙදාදුන්හ. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන ලබදීම පිළිබඳවද න⁣ායක ස්වාමීන් වහන්සේ සමග බදියුදීන් මහතා සාකච්ඡා කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අෂ්රෆ් තාහීර්, ස.ම.කො මහනුවර දිස්ත්‍රික් සංවිධායක, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගි වූහ.

Related posts

NEWS HOUR | 6.30AM | UTVHD

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

ජාති භේදයකින් තොරව සියලු ලක්වැසියන්ට සෞභාග්‍ය උදා කිරීම ඒකායන පරමාර්ථයයි

Mohamed Dilsad

Leave a Comment