දේශීය

වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – පන්නල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා ඔහුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.7ක ප්‍රමාණයක් සමඟ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුෂංක පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

Related posts

මැතිවරණ කොමිසමේ තවත් තීරණයක්

Mohamed Dilsad

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

Mohamed Dilsad

Leave a Comment