Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (17) දැනුම් දී තිබේ.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17) පස්වරුවේ රැස්විය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවයි.

කෙසේ වෙතත් එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයිද දැනුම් දී තිබේ.

ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා කීවේය.

” මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා. ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වැඩි දුරටත් පවසා ඇත.

Related posts

Gina Lopez, Philippine anti-mining advocate, dies aged 65

Mohamed Dilsad

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Pierce Brosnan speaks up on his involvement in Deadpool 2

Mohamed Dilsad

Leave a Comment