Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දැමීම ඇර⁣ඹේ….!

වර්ෂාව ඇද හැලීමත් සමඟ කඳුකරයේ ප්‍රධාන ජලාශ වාන් දැමීම අද (18) පෙරවරුවේ සිට ඇරඹී ඇත. .

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 06ක් අද (18) උදෑසන 09.30 වන විට විවෘත වී ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17,700ක් රන්දෙණිගල ජලාශයට මුදා හැරේ.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (18) උදෑසන විවෘත වූ අතර ඉන් තත්ත්පරයට ඝන මීටර් 472ක ජල ධාරිතාවයක් පහළ රන්ටැඹේ ජලාශයට මුදා හැරිණි. රන්දෙණිගල ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 01ක් උසට ද අනෙක් දොරටුව මීටර් 2.5ක් උසට විවෘත වී ඇත.

වික්ටෝරියා, රන්දෙණියල, රන්ටැඹේ ජලාශ වාන් දැමීම හේතුවෙන් මිනිපේ අමුණ මගින් ගමන් කොට මුදා හරින ජල ප්‍රවාහයේ ධාරිතාව වෙනස් විය හැකි බවත් ලොග්ගල්ඔය, දියබානා ඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවලින් වාන් දමන ජලය සහ බදුළු ඔයේ ජලය යළිත් මහවැලි ගංගාවට එක් වන බැවින් ගංගා පරිහරණයේද විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිගන ප්‍රධාන වේලී හා ජල මෙහෙයුම් අංශය සඳහන් කරයි.

Related posts

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

Mohamed Dilsad

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment