විදෙස්

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

(UTV |  බූකිනා ෆාසෝ ) – බූකිනා ෆාසෝ රාජ්‍යයේ නැවතත් හමුදා කුමන්ත්‍රණයකින් බල පෙරළියක් සිදුකර තිබේ.

එහිදී හමුදා කපිතාන්වරයෙක් වන ඉබ්‍රාහිම් ට්‍රැඕරේ එහි නව නායකයා බව වාර්තා විය.

කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රැඕරේ ඇතුළු හමුදා කණ්ඩායමක් පසුගිය සිකුරාදා එරට බලය අල්ලාගත් අතර ඔවුන් පවසන්නේ ජනාධිපති පෝල් හෙන්රි ඩමිබාගේ ඉල්ලා අස්වීම භාරගත් බවය.

එමගින් රට තුළ ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය පාලනය කළ හැකි බව ඔවුන් පැවසීය.

ජනාධිපති පෝල් හෙන්රි ද හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර එරට පැවති රජය පෙරළා බලය අල්ලා ගත්තේය.

Related posts

මේගන් මාර්කල් කුමරියට චෝදනාවක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්[VIDEO]

Mohamed Dilsad

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්.

Mohamed Dilsad

Leave a Comment