විදෙස්

මේගන් මාර්කල් කුමරියට චෝදනාවක්

(UTV|බ්‍රිතාන්‍යය) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරියට චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ ඇය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවටයි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (27) බකිංහැම් මාලිගයේ පැවති උත්සවයේදී ඇය අසුන් ගෙන සිටි ආකාරයෙන් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බවයි.

එය නවක නායකයින් පිළිගනිම සඳහා සුදානම් කර තිබු උත්සවයකි.

ඊට දෙවන එලිසබෙත් මහ රැජිණ සහභාගිවී සිටි ඇති අතර ඒ සඳහා හැරී කුමරු සහ මේගන් කුමරියද සහභාගිවී තිබේ. මහ රැජිණට යාබද ආසනයේ අසුන් ගෙන සිටි මේගන් කුමරිය සිය පාදයක් මත අනෙක් පාදය තබාගෙන අසුන් ගෙන  සිටි ආකාරය මෙලෙස දෝෂදර්ශනයට ලක්ව ඇත.

රාජකීය පවුලේ කාන්තාවන් මහජනතාව සහභාගිවන උත්සව වලදී ඇදිය යුතු ඇඳුම් හිස්වැසුම් මෙන්ම හැසිරිය යුතු ආකාරය ගැන නීති මාළාවක් හා සම්ප්‍රදායක් තිබේ. සම්ප්‍රදායට අනුව රාජකීය කාන්තාවක් අසුන් ගැනීමේදී සිය පාදයේ වළලුකර මතින් අනෙක් පාදයේ වළලුකර හරස් වන අයුරින් අසුන් ගැනීම නිවැරදි ක්‍රමයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවම වසා දැමු සීමාවන් තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඇමරිකාවේ 52%ක් තවමත් ඔබාමා සමග

Mohamed Dilsad

Leave a Comment