විදෙස්

අල් ජසීරා විශේෂාංගයේ විමර්ශන අතහැර දමයි

(UTV| කොළඹ) – අල්ජසීරා රූපවාහිනී සේවයෙන් විකාශය කරන ලද වැඩසටහනකින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට සම්බන්ධ වූයේ යැයි චෝදනාවට ලක්වූ පස්දෙනාම නිදහස්කර තිබේ.   

2018 මැයි මස 27 වැනිදා විකාශය වූ මෙම වැඩසටහන, ක්‍රිකට් ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්විය.

මෙම වැඩසටහනින් චෝදනාවට ලක්වූ පස්දෙනා අතර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ද සිටිති. එහෙත් තරග පාවාදීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වූ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නොනැඟෙනු ඇත.

අල් ජසීරා රූපවාහිනි සේවයේ විශේෂාංගයක් වූ මෙම වැඩසටහනට අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කළ දෙදෙනකුටද තරග පාවාදීමේ චෝදනා එල්ල විය. එහෙත් අන්තර්ජාතක ක්‍රිකට් සභාව විසින් කරන ලද විමර්ශනයේදී ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමුවී නොතිබිණ.

“ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිදුවන දූෂණ ක්‍රියාකාරකම් වාර්තා කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. එහෙත් මෙම වැඩසටහනේ විකාශනය වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සෑහීමට පත්වීමට තරම් කරුණු නොතිබිණ. අප විසින් විමර්ශනය කරන ලද සෑම අංශයකින්ම හෙළිවූයේ එම වැඩසටහනට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මූලික දුර්වලතා පැවැති බවයි. එවැන්නක් මඟින් කිසිවකුට චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සහ සාධක නොමැති බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ, සිව් දෙනකුගෙන් සමන්විත, ස්වාධීන කමිටුවේ මතයයි” යයි සාධාරණ ක්‍රීඩාවක් සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“මේ වැඩසටහනේ ස්වභාවය අනුව, ඊට සහභාගි වූවන්ගේ හැසිරීම ප්‍රශ්නකාරීයි. ඒත් දෘශ්‍යපටයේ දැක්වුණ දෙබස් ඇරුණාම එතැනින් ඔබ්බට ඔවුන් අතර පැවැති සාකච්ඡා මොනවාද යන්න අපට සොයාගත නොහැකියි. ඒ තත්ත්වය අනුව අන්තර්ජාතිත ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නියෝග ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි සොයාගත නොහැකියි”

“ඒත් දැනට පවතින තත්ත්වය අනුව, එම විමර්ශන කළ ආකාරය සම්බන්ධයෙන් මා සෑහීමට පත්වන අතරම මෙම විමර්ශන මෙතැනින් අවසන් කිරීමට අදහස් කරමි. ඒත් වඩාත් සවිමත් පදනමක් සහිත සාක්ෂි ලැබෙනවා නම් මා මෙම පරීක්‍ෂණය නැවතත් ආරම්භ කරනවා.” යයිද ඇලෙක්ස් මාෂල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Related posts

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

Mohamed Dilsad

වැග්නර් හමුදාව පසුබැස්ස හේතුව

Mohamed Dilsad

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment