Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද උදෑසන 8.00 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම හේතුවෙන් හෙට (23) සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Related posts

நாட்டின் பெரும்பாலான பகுதிகளில் மாலையில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රෑ 8 ට ජාතිය අමතයි.

Editor O

Leave a Comment