Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද උදෑසන 8.00 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම හේතුවෙන් හෙට (23) සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Related posts

மக்களின் மேல் அரசாங்கத்திற்கு இத்தனை மனிதாபிமானமா?

Mohamed Dilsad

மே தினத்தை முன்னிட்டு பிரதமரின் செய்தியில்

Mohamed Dilsad

අරගල භූමිය ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

Leave a Comment