Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. .

මෙරටට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වන දින දක්වා රැඳී සිටීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයාබැලීම සහ එමඟින් යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වයන් කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇති බව සඳහන්ය.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

Related posts

US Embassy in Sri Lanka closes to the public

Mohamed Dilsad

பாகிஸ்தானுக்கு எதிராக ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

Huawei தனது nova3 Series ஸ்மார்ட்போன்களை இலங்கையில் அறிமுகப்படுத்தியுள்ளது

Mohamed Dilsad

Leave a Comment