දේශීය

අරගල භූමිය ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

(UTV | කොළඹ) – ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිබාහිර කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ් අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බවයි අධිකරණය දැනුම් දුන්නේ.

ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5.00 ට පෙර ඉවත් කර ගන්නා ලෙස පොලීසිය මීට පෙර දැනුම්දී තිබූ අතර එම නියෝගයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

Related posts

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 21 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment