දේශීය

අරගල භූමිය ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

(UTV | කොළඹ) – ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිබාහිර කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ් අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බවයි අධිකරණය දැනුම් දුන්නේ.

ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5.00 ට පෙර ඉවත් කර ගන්නා ලෙස පොලීසිය මීට පෙර දැනුම්දී තිබූ අතර එම නියෝගයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

Related posts

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් යළිත් සේවයෙන් ඉවත් වීමේ තීරණයක

Mohamed Dilsad

වව්නියාව නගර සභාවේ සභාපතිට සහ උප සභාපතිට අතුරු තහනම් නියෝගයක්

Editor O

Leave a Comment