Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය බව හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

ඡන්දය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින බාගයක කාලයක් ද කිලෝමීටර් 40-100ත් අතර නම් එක් දිනයක් ද අවම නිවාඩු ලබාදිය යුතු වනවා.

කිලෝමීටර් 100-150ත් අතර නම් දින එකහමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් වශයෙන් ද නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේවෙතත් මේ සඳහා සේවා නියුක්තිකයින් විසින් සේවා යෝජකයින් වෙත ලිඛිතව අදාළ නිවාඩු ඉල්ලීම සිදුකළ යුතු වනවා.

එමෙන්ම සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ලබාදෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සකස් කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

Related posts

අදත් පැයකට වැඩිය කාලයක් විදුලිය නැහැ

Mohamed Dilsad

இன்று உலக வரலாற்றில் மறக்கமுடியாத ஒரு கறுப்பு தினம்

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කරයි.

Editor O

Leave a Comment