Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ගැන හොයන්න කමිටුවක්

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර තිබේ.

අස්වැසුම් ප්‍රතිලාභ පිරිනැමීමේදී ඇති වූ අපහසුතා, අසාධාරණ ක්‍රියාවලිය සහ එමගින් සාමාන්‍ය ජනතාවට ඇති වූ බලපෑම් හඳුනා ගැනීම මෙම කමිටුවේ අරමුණයි.. සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, මෙම කමිටුවේ නිලවශයෙන් පත් කරනු ලැබූ සාමාජිකයන්ට සමාජ සේවකයින්, ජනමාධ්‍යවේදීන්, හා නීතිවේදීන් ඇතුළත්.

අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදය වැඩි දියුණු කර විවිධ පාර්ශවයන්ගේ ගැටලු විසඳීම සඳහා නීතිමය සහ ක්‍රියාකාරී යෝජනා මෙම කමිටුවෙන් ඉදිරිපත් කරනු ඇත.

Related posts

பாவனைக்கு உதவாத அரிசி விற்பனையில் ஈடுபடுபவர்கள் மீது நடவடிக்கை

Mohamed Dilsad

JVP denounces attempt to demonise pilgrims of Bohra community

Mohamed Dilsad

අදත් දුම්රිය ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment