අක්කරපත්තුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සේරුනුවර පොලිසිය ප්‍රකාශ කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 21 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
.
