Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම හෙට (26) පැරෑලියේදී

“ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය 26 වෙනිදා පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා, හික්කඩුව “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදන් වූ අතර බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ වූහ.

2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරයි.

ඒ අනුව 26 වෙනිදා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා, විනාඩි 02ක, නිහඬතාවයක් පළකරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ජනතාව සිහිපත් කෙරෙනු ඇත. .

Related posts

முச்சக்கர வண்டி கட்டணம் நாளை (03) முதல் குறைவு

Mohamed Dilsad

சிலாபத்திற்கு உடன் அமுலுக்கு வரும் வகையில் பொலிஸ் ஊரடங்கு சட்டம்

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

Leave a Comment