Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතියට,, වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනය රිංගවමින් සිටිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ මට්ටමකින් පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මහතා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, පවතින විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අත්තනෝමතික ලෙස භාවිත කරමින් විශ්වවිද්‍යාලවල පරිපාලන ව්‍යුහයට බලපෑම් කිරීමට වත්මන් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැවතියද, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ සිදුකළ යුතු පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

මෙම පියවර මගින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම දෛනික පාලන කටයුතු සහ අධ්‍යාපන කටයුතු අතිශය බරපතළ අර්බුදයකට ලක්වන බව ඒ මහතා අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල පද්ධතිය අඩාල වන පරිදි නිකුත් කර ඇති අදාළ ලිපිය වහාම ඉල්ලා අස්කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බව චාරුදත්ත ඉලංගසිංහ මහතා අවධාරණය කළේය.

රජය හෝ අදාළ නිලධාරීන් ඊට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, නුදුරේදීම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

Related posts

පොහොට්ටුවේ ප්‍රචාරක රැළි තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

Mohamed Dilsad

නිරෝධායන කඳවුරුවල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත්වන බව ලිඛිතව දන්වයි.

Editor O

Leave a Comment