Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත්වන බව ලිඛිතව දන්වයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි.

Related posts

இரண்டு தசாப்தத்திற்குப் பின்னரான வர்த்தக உறவைப் புதுப்பிக்க நாளை குவைத்துக்கு விஜயம் செய்கிறார் அமைச்சர் ரிஷாட்!!!

Mohamed Dilsad

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

Mohamed Dilsad

களுத்துறை – தொட்டுபல சந்தியில் துப்பாக்கிச்சூடு

Mohamed Dilsad

Leave a Comment