දේශීය

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මීට අමතරව පාසලේ සිසුන් සංඛ්‍යාව අනුව අත සේදීම සදහා පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි කරාමය සහිත බේසම් මෙන්ම ගිලන් ඇදක් ලබාදීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේය.

මේ සඳහා රුපියල් මිලියන 630 ක ප්‍රතිපාදන වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

සියලු සිසුන් සඳහා මුව ආවරණ ලබාදීමට ද සැලසුම් කර ඇත.

සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවත් පාසල් යළි විවෘත කිරීමට පෙර සෑම පාසලකටම මෙම උපකරණ ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 16ක් සොයා ගනී

Editor O

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment