දේශීය

තරුණියක් බේරා ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා අද අවසන් ගමනේ

(UTV | හැටන්) –  ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනීමට ජලාශයට පැන ජීවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

ඒ ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදීයි.

රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද දේහයට අවසන් ගෞරව දක්වන ලදී.

Related posts

මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Mohamed Dilsad

පාසලේ සිසුන් ගණන මත කොරෝනා මැඩලීමට මුදල්

Mohamed Dilsad

චීනයෙන් තවත් ආධාර තොගයක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment