දේශීය

තරුණියක් බේරා ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා අද අවසන් ගමනේ

(UTV | හැටන්) –  ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනීමට ජලාශයට පැන ජීවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

ඒ ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදීයි.

රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද දේහයට අවසන් ගෞරව දක්වන ලදී.

Related posts

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය තීරණයක් ගනී

Mohamed Dilsad

IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

මැදපෙරදිග අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment