Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් ගොඩඒමට ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නැහැ | මන්ත්‍රී වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහනදීමට යොදවන්න . – රවී කරුණානායක

රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ , රට ගොඩනැගීමේ කාර්යය දේශපාලකයින්ගෙන් ආරම්භ කළ යුතු බවයි.

රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා, මන්ත්‍රීවරු වෙනු වෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බව ප්‍රකාශ කළේය. 

එමෙන්ම, දේශපාලනඥයන් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ අවස්ධාවේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආයතනවල නාස්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතුයි. ඒ මුදල් මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක්.”

ලංකාවේ වත්මන් ඩොලර් සංචිතය පිළිබඳව අදහස් දක්වමින් කරුණානායක මහතා පෙන්වා දුන්නේ, සංචිත වැය කරනවාට සාපේක්ෂව ඒවා නැවත පිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි. 

එබැවින් අපනයන තත්ත්වයන් කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ඔහු පැවසීය. එමෙන්ම තෙල් මත යැපෙන විදුලි උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හයවෙනි වාරිකය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට තිබූ බව සිහිපත් කළ ඒ මහතා, හදිසි ණය ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට වඩා වාරික ක්‍රමයට සහන ලබා ගැනීම රටට වාසිදායක බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී රජය අනුගමනය කළ යුතු පිළිවෙත ගැන ඔහු මෙසේ අදහස් දැක්වීය.

“IMF එක රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාවත් අපි එතන දනගහන්න ඕනේ නම්. අයි.එම්.එෆ් එකට ගියාට අපේ කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන්න ඕනේ. එතන දණගැසිය යුතු නැහැ.”

Related posts

Gotabhaya’s citizenship hearing to continue this morning

Mohamed Dilsad

தைவான் பாராளுமன்றம் ஓரின ஈர்ப்பாளர்கள் திருமணத்தை அங்கீகரித்துள்ளது

Mohamed Dilsad

19.72 More acres used by Security Forces given back to civilians

Mohamed Dilsad

Leave a Comment