Trending Newsඑසැන පුවත්දේශීය

සිංහල ජනතාවට, සංස්කෘතියට සහ බුද්ධාගමට, කිසිවිටක, මම විරුද්ධ නැහැ | හමුදාවට රණවිරුවෝ කියන්න මට කොන්ද පණ තියෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා

රණවිරුවන්ට විරෝධාර රණවිරුවන් කියන්නට තමන්ට කොන්ද පණ ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කරයි.

මාධ්‍ය ෙවත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

” මම හමුදාවෙ අයට රණවිරුවන් කියන්න බයනැහැ.. රණවිරුවෝ කියලා කියන්න බැරි මේ ආණ්ඩුවේ අයටනේ. මට එහෙම ලෙඩක් නෑ. විරෝධාර රණවිරුවෝ කියලා කියන්න මට හොඳට කොන්ද පණ තියෙනවා. මේ රටේ ගැටුමක් තිබුණා. ඒක ඇත්ත. ඒත් දෙමළ හෝ සිංහල භේදයක් නැතුව අපේ ජීවිත බේරගන්න කැපවෙන මිනිස්සු දෙවිවරු නෙමෙයිද. මට එහෙම ජාති ආගම් භේදයක් නෑ. මම ළඟදී මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලාත් මුණගැහෙන්න ගියා. අතේ පිරිත් නූලකුත් බැඳ ගත්තා. ඒක දැක්ක සමහරු මම සිංහල මිනිස්සුන්ට කඩේ යනවා කියලා කිව්වා. මම කිසිම වෙලාවක සිංහල ජනතාවට සංස්කෘතියට හෝ බුද්ධාගමට විරුද්ධ නැහැ. ඒත් අපිව මර්දනය කරන ආණ්ඩුව ගැන අපිට විවේචනයක් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා අපිට උදව් උපකාර කරන මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න හෝ ප්‍රසිද්ධියේ ඔවුන්ව අගය කරන්න බැරිකමක් මට නැහැ”

Related posts

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙන්න

Mohamed Dilsad

மஹிந்தானந்த அளுத்கமகேவுக்கு எதிரான வழக்கு ஜூன் மாதம் விசாரணைக்கு

Mohamed Dilsad

ආහාරපාන මිළ අඩු කිරීම හෙට

Mohamed Dilsad

Leave a Comment