දේශීය

ආහාරපාන මිළ අඩු කිරීම හෙට

(UTV | කොළඹ) – ගෑස් මිළ සංශෝධනය අද පස්වරුව තෙක් කල් යාම හමුවේ සිය ආහාර පාන මිළ ගණන් අඩු කෙරෙන අගයන් ප්‍රකාශයට පත් කිරීම හෙට දිනය කල් දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අනිවාර්යයෙන් මිළ අඩු කිරීමක් සිදුකරන බවයි සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ.

ගෑස් මිල රුපියල් 200 ට වඩා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව අසේල සම්පත් මහතා පැවසීය.

එබැවින් විවිධ ගැටලු මධ්‍යයේ වුවද බත් පැකට් සහ ප්ලේන් ටී මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර ඇති බව ඔහු පැවසීය.

බත් පැකට්, කොත්තු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කරන ලෙස ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා රජයෙන් ඉල්ලීමක් කළා.

අවම වශයෙන් මාස හයක්වත් මිල ස්ථාවර විය යුතු බව ඔහු පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ආපනශාලා කර්මාන්තයට සහන සලසන ලෙස අසේල සම්පත් රජයෙන් ඉල්ලා සිටියේය.

Related posts

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

2020 සාපෙළ සිසුන් වෙනුවෙන් විශේෂ පහසුකමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment