දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

(UTV | කොළඹ ) – මෙවර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ පණිවිඩය නිකුත් කර තිබේ.

පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී ඇති බැවින් නිවසේ සිට ආගමික වතාවත්හි නිරතවීමේ හැකියාව පවතින බවයි ජනාධිපතිවරයාගේ වෙසක් පණිවිඩයෙන් දැක්වේ.

තවද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතක බවත් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලා මහනුවර තුන්බියකින් ඇලලී ගිය බවත් උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු වූ බවත් අදාල නිවේදනයේ සදහන් වේ.

මෙවර වෙසක් උත්සවය සැමරිය යුත්තේ කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සදහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන අයුරින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

දැඩි කැපවීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමේ ජයග්‍රහණය අත් කර ගැනීමට ඉතා ආසන්න බව ඔහු නිකුත් කළ වෙසක් පණිවිඩයේ දැක්වේ.

සිත කය වචනය යන තුන් දොර සංවර කර ගැනිමේ බුදු වදන මෙවන් ව්‍යවසනයන්ට මුහුණ දීමට ඇති හොදම මග බව අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වේ.

Related posts

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

Leave a Comment